දුම්රිය කිහිපයක් අවලංගු වෙයි

March 20, 2024 - 11:06 AM
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

ඒ, කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ඊයේ (19) රාත්‍රී 7.15 පමණ ධාවන වූ සීඝ්‍රගාමී දුම්රිය කොටුව හා කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්වීමෙන්.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළා.
(lknews.lk)