කැස්බෑ බිත්තර ළඟ තබාගත් අයෙකු පොලිස් භාරයට

February 24, 2024 - 12:07 PM
කැස්බෑ බිත්තර 111ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කොස්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්.

එම සැකකරු කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.

කොස්ගොඩ පාලම අසල වෙරළ තීරයේදීයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වනජීවි දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව වාර්තා වනවා.
(lknews.lk)