දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

June 24, 2024 - 4:28 PM
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

ඒ කොදෙව් කණ්ඩායමට එරෙහිව අද (24) පැවති තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 135ක් රැස් කළා.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදය අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 17කදී ලකුණු 123ක ඉලක්කයක් හිමි වුණා.

දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 16යි එක් අවසානයේ කඩුලු 7ක් දැවී නියමිත ඉලක්කය පසු කළා.

ඒ අනුව මෙම තරගය ජය ගත් දකුණු අප්‍රිකා කණ්ඩායම 2 වන කාණ්ඩයෙන් එංගලන්ත කණ්ඩායම සමඟ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර සත්කාරක කොදෙව් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා.

(lknews)