කථානායක වෙස්ට්මිනිස්ටර් අධ්‍යක්ෂක මැතිව් හෙජස් හමුවට

March 11, 2024 - 1:48 PM
වෙස්ට්මිනිස්ටර් පදනමේ ආසියා පැසිෆික් සහ ඇමරිකානු කලාපීය අධ්‍යක්ෂ මැතිව් හෙජස් පසුගියදා පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන හමු වී තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ සංජේ විග්නරාජා එම හමුවට එක් වී තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ සමීපව කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා කටයුතු සඳහා ලබා දෙන දායකත්වය කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ඇගයීමට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)