දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට විශේෂ ඡන්ද පත්‍රිකාවක් සැකසේ

December 04, 2023 - 11:06 AM
ඉදිරි සියලු මැතිවරණවලදී දෘශ්‍යබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහතා පැවසුවේ, සෑම ඡන්ද මධ්‍යස්ථානයකදීම එවැනි පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් නිකුත් කෙරෙන බවයි.

මීට පෙර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 10 ක නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩසටහන සාර්ථක වූ බව ද ඔහු ප්‍රකාශ කළා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මීට අමතරව, ඡන්ද මධ්‍යස්ථානවල ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ අවශ්‍යතා සහ ආබාධ සහිත ප්‍රජාවගේ ප්‍රවේශය සදහා විශේෂ අවධානය යොමු කරන බවද, ඔහු සඳහන් කළා.
(lknews.lk)