විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ අහෝසියි

March 29, 2024 - 10:48 AM
දේශීය ගොවීන් සහ නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි මාසයේ සිට අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
    
ඒ වෙනුවට ගොවියා ආරක්ෂා කර ගැනීමට දියුණු රටවල මෙන් තීරු බදු හා බැඳුණු නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

(lknews.lk)