කම්කරු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
January 10, 2025 - 7:05 PM
මේ වන විට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යන පාඨය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් සංසරණය වෙමින් පවතිනවා.
එහි සඳහන් වන්නේ රජය විසින් අනුමත කරන ලද අර්ධ කාල වැඩ යනුවෙන් දක්වා ඇති එම රැකියා මඟින් දෛනිකව රුපියල් 5,000ක ආදායමක් උපයාගත හැකි බවයි.
මෙම දැන්වීම සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍ය බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එමෙන්ම නව රජයේ අමාත්‍යාංශ විෂය පථයන්ට අනුව විදේශ රැකියා විෂය පථය කම්කරු අමාත්‍යාංශයට අයත් නොවන බවත් එහි සඳහන්.
කෙසේ නමුත් මෙම අසත්‍ය සහ සාවද්‍ය දැන්වීම් පළ කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම ව්‍යාජ සහ අසත්‍ය දැන්වීමට අදාළව පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස කම්කරු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
(lknews)