මැතිවරණයට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට ඒමට විශේෂ බස් රථ සේවාවක්
November 18, 2024 - 1:25 PM
මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අදත් (18) විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ එම ජනතාවට කොළඹට පැමිණීම සඳහා අදත් දුර ගමන් සේවා බස් රථ යොදවා ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය සහ දීර්ඝ සති අන්ත නිවාඩු වෙනුවෙන් ගම්බිම් බලා ගොස් යළි රැකියා ස්ථාන වෙත පැමිණෙන මගීන් වෙනුවෙන් අදත් දුම්රිය සේවා යොදවා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව ගාල්ල, මාතර, බෙලිඅත්ත, බදුල්ල සහ මහනුවර සිට එම දුම්රිය සේවා ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
එසේම අද දිනයේ සමුද්‍රදේවී දුම්රිය අලුයම 3.30ට මාතර සිටද හික්කඩුව දුම්රිය අලුයම 4.30ට ගාල්ල සිටද ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(lknews.lk)