වෘත්තීය සමිති 10 කට විශේෂ අධිකරණ නියෝගයක්

February 21, 2024 - 4:36 PM
වෘත්තීය සමිති 10කට ස්ථාන කිහිපයකට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ, මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ ජනාධිපති මන්දිරයට ඇතුළු වීම වැළක්වීමටයි.

මහජනතාවට පීඩාවක් හෝ රථවාහන තදබදයක් ඇති කිරීම ද නොකළ යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වනවා.
(lknews.lk)