ජීවිත ආරක්ෂණය සඳහා ලබාදී ඇති ගිනි අවි ගැන විශේෂ තීරණයක්

December 04, 2024 - 11:03 AM
ජීවිත ආරක්ෂණය සඳහා ලබාදී තිබෙන ගිනි අවි උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ ගිනිඅවි සම්බන්ධයෙන් සිදු කෙරෙන සමීක්ෂණවලින් අනතුරුවයි.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ගිනි අවි එකකට වඩා යම් අයෙක් ඉල්ලුම් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකරන බවයි.

එම විශ්ලේෂණයෙන් අනාවරණය වන කරුණු මත තවදුරටත් ගිනිඅවි නිකුත් කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන බව අමාත්‍යාංශය සඳහන් කළා.

(lknews)