ජාතික ඩෙංගු මර්දන සතිය ආරම්භ වෙයි

January 07, 2024 - 1:35 PM
අද (07) දිනයේ සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසූවේ, තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70ක් ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කරන බවයි.

අද දිනය තුළ අදාළ වැඩසටහන පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සිදු කරන බව වෛද්‍යවරිය සඳහන් කළා.
(lknews.lk)