වී මිලදී ගැනීම සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක්

December 31, 2024 - 3:38 PM
සහනදායි පොලී අනුපාතයක් යටතේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ලබාදීමට  කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ වී අස්වනු සඳහා සාධාරණ මිලක් සහතික කිරීම සහ  සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමත් කිරීමේ අරමුණින්.

එහිදී උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රික් ටොන් 25ක් දක්වා වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත උපරිම රුපියල් මිලියන 50ක ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදී තිබෙනවා.

(lknews)