ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

April 09, 2024 - 12:17 PM
රාමසාන් උත්සව දිනය (11) වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන බව වාර්තා වනවා.

ඒ සඳහා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350කට අධික නිලධාරින් පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

මෙහි දී දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203ක් අතරින් දේව මෙහෙයන් පවත්වන ඉස්ලාම් දේවස්ථාන 2,453 කට ආරක්ෂාව ලබාදීමට නියමිතයි.

(lknews.lk)