අලුත් අවුරුදු උත්සවවලට විශේෂ ආරක්ෂාවක්

April 13, 2024 - 3:24 PM
අලුත් අවුරුදු උත්සව සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කළා.

මේ වන විට අලුත් අවුරුදු උත්සව 2804ක්, සංගීත සංදර්ශන 1285ක්, සැණකෙළි 51 සහ වෙනත් උත්සව 181 ක් සංවිධානය වී ඇති බව වාර්තා වනවා.

මෙම වැඩකයුතු සඳහා ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන්, ත්‍රිවිධ හමුදාව ,පොලිස් විශේෂ බලකාය සහ පොලිස් නිලධාරීන් යොදවන බවයි සඳහන් වන්නේ.

(lknews.lk)