හෙට සිට විශේෂ රථවාහන සැලැස්මක්

December 30, 2024 - 8:53 PM
ගාලු මුවදොර පරිශ්‍රයේ හෙට (31) ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්මක් පිළිබඳව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ එළඹෙන නව වසර සඳහා ගාලු මුවදොර පිටියට පිට පළාත්වලින් ජනතාව සහ රථවාහන රැසක් පැමිණෙන බවට ඇති අපේක්ෂාව හේතුවෙන්.

පොලීසිය සඳහන් කළේ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ කුරුඳුවත්ත පොලිස් වසම්වල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

මෙය ක්‍රියාත්මක කිරීමේදී කොළඹ පදික වේදිකා මත සහ ප්‍රධාන මාර්ගයන්  අවහිර වන සේ කිසිඳු වාහනයක් නවතා තැබිය නොහැකි බවද පොලීසිය සඳහන් කළා.

ඒ අනුව රථවාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසිය රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

(lknews)