අද සිට විශේෂ ප්‍රවාහන සේවා

December 22, 2023 - 10:43 AM

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අද (22) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

නත්තල් උත්සවය හා පාසල් නිවාඩුව සඳහා ගම්බිම්බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ බස් රථ හා දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කල බවයි ඔවුන් පැවසුවේ.

අද සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස මහතා ප්‍රකාශ කළා.

දුම්රිය ගමනා ගමන අධිකාරි එන්.ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කරන බවයි.
(lknews.lk)