තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙයි

January 29, 2024 - 1:46 PM
තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin දෙදින නිල සංචාරයක් සඳහා ලබන මස මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එළඹෙන පෙබරවාරි 03 සිට 04 දක්වා ඔහු මෙරට සංචාරය කිරීමට නියමිතයි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් අනුවයි.

එමෙන්ම ඔහු මෙරට 76 වැනි නිදහස් දින සැමරුම් උත්සවය සඳහා සහභාගී වීමට නියමිතයි.

මෙම සංචාරය අතරතුර දී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිල සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ද ඔහු සහභාගී වීමට නියමිතයි.
(lknews.lk)