2026 T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

June 20, 2024 - 11:52 AM
2026 වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වී තිබෙනවා.

ඒ 2026 T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට හිමි වීම හේතුවෙන්.

සම සත්කාරක කණ්ඩායම් සහ 2024 T20 ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8ට මෙන්ම 2024 ජුනි 30 වන විට ICC T20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ශ්‍රේණිගත කණ්ඩායම් තුන 2026 ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබා ගන්නවා.

(lknews)