ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක තරගය අද

March 09, 2024 - 10:35 AM
බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 3වන සහ අවසන් පන්දුවාර 20 තරගය අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට.

අද දින කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ මුල් තරඟ දෙක ක්‍රීඩා කිරීමට තහනමක් පනවා තිබු ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක වනිදු හසරංග විසින්.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද තරගයට ක්‍රීඩා නොකරනු ඇති බවයි.
(lknews.lk)