ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු විස්සයි විස්ස තරගය අද

March 04, 2024 - 9:08 AM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අදින් ආරම්භ වනවා.

ඒ අනුව තරගය සිල්හෙට් හිදී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය විස්සයි විස්ස තරග තුනකින්, එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විත වනවා.
(lknews.lk)