ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද

March 15, 2024 - 10:13 AM
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (15)  පැවැත්වෙනවා.

ඒ, මෙරට වේලාවෙන් පස්වරු 2.00ට සහූර් අහමඩ් ක්‍රීඩාංගණයේදීයි.

දෙරට අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 6ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග 1ට 0ක් ලෙස ඔවුන් ඉදිරියෙන් සිටිනවා.
(lknews.lk)