ශ්‍රී ලංකා - බංගලාදේශ තුන්වන දිනය අද

March 24, 2024 - 10:27 AM

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද (24) පැවැත්වෙනවා.

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට, දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණූ සංඛ්‍යාව 119ක්.

පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිළ ලකුණු 280ක් රැස් කර ගත් අතර, බංගලාදේශ කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 188ක් පමණයි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා පිළ ලකුණු 211ක් ඉදිරියෙන් සිටිනවා.
(lknews.lk)