විදේශ සේවය පිළිබඳ අලි සබ්රිගෙන් අනාවරණයක්

December 07, 2023 - 2:08 PM
විදේශ සේවය සඳහා නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට නොසිටීම හේතුවෙන් එහි කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව අමාත්‍යවරයා පැවසුවේ, රටවල් 55ක සහ මෙරට අංශ 24ක් වෙනුවෙන් සේවය කිරීම සඳහා සිටින්නේ නිලධාරීන් 164 දෙනෙකු බවයි.

ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් රට වන ඉන්දියාවේ සේවය සඳහා යොදවා සිටින්නේ 6 දෙනෙක් පමණක් බව අලි සබ්‍රි අමාත්‍යවරයා කියා සිටියා.

ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා අවශ්‍ය සේවකයින් ගණන 264ක් බව ද සඳහන්.

මේ වනවිට අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බවත් අවසන් වරට විදේශ සේවයට බඳවාගැනීම් සිදුකර ඇත්තේ 2018 වසරේදී බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(lknews.lk)