කාසියේ වාසිය සිංහයන්ට

September 17, 2023 - 2:49 PM
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි.

මහීෂ් තීක්ෂණගේ අබාධය හේතුවෙන් ඒ වෙනුවට අද  දුෂාන් හේමන්ත තරගයට සහභාගී වන බව සඳහන්.

මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
(lknews.lk)

May be an image of 1 person and text that says