ශ්‍රී ලංකාව සහ රුසියාව රේගු කටයුතු පිළිබඳ ගිවිසුමකට අත්සන් තබයි

October 31, 2024 - 12:21 PM
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාව වූ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ රුසියාවේ මොස්කව් නුවරදීයී.

මෙරට රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. බී. එස්. සී. නෝනිස් සහ රුසියානු ෆෙඩරල් රේගු සේවයේ ප්‍රධානී වී. අයි. පිකලොව් විසින් එම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ද්විපාර්ශවීය වෙළඳ ගනුදෙනුවලදී රේගු කටයුතු නීත්‍යානුකූලව සහ විධිමත්ව පවත්වාගෙන යාම සඳහායි.

එමෙන්ම දෙරට අතර වෙළඳාම වර්ධනය කර ගැනීම මෙහි අරමුණ වී තිබෙනවා.


(lknews.lk)