ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද

January 11, 2024 - 9:50 AM
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය අද (11) පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

මේ වනවිට තරගාවලිය එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින අතර පළමු තරගය වැස්ස නිසා අතහැර දැමීමට සිදුවුණා.

එසේම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ C සහ D ප්‍රේක්ෂකාගාරයේ සිට තුන්වන සහ අවසන් එක්දින තරගය ක්‍රීඩාලෝලීන්ට නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ, පළමු තරග දෙක නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන්.
(lknews.lk)