සයිනොපෙක් වෙතින් පිරිපහදුවක්

November 28, 2023 - 11:47 AM
ඩොලර් බිලියන 4.5 ක පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේ සිනොපෙක් විසින් කරන ලද යෝජනාවක් ශ්‍රී ලංකාව විසින් අනුමත කර තිබෙනවා. 

ඒ අනුව හම්බන්තොට තෙල් පිරිපහදුවක් සහ ඊට අනුබද්ධ භාණ්ඩ නිෂ්පාදනයට චීන සිනොපෙක් සමාගම සමඟ එකඟත්වයට කැබිනට් අනුමැතිය හිමි වූ බව X පණිවිඩයක් (Twitter) නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. 
 
එය පසුගිය වසරේ අබලන් වූ ආර්ථික අර්බුදයෙන් පසු දිවයිනේ විශාලතම තනි ආයෝජනය බවට පත්ව තිබීම ද විශේෂත්වයක්.
(lknews.lk)