ලෝක කුසලානයට සියලු දෙනා දිවයිනෙන් පිටව යයි - වනිඳු නවතියි

September 27, 2023 - 8:13 AM
2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව බලා ගිය දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට ගොඩබැස තිබෙනවා. 
ඔවුන් පිටත්ව යාමට පෙර, කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ආගමික ආශිර්වාද ලබා ගත්තා. 
 
එහිදී අදහස් දක්වමින් නායක දසුන්'ශානක පැවසුවේ, ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරත්තු ඉටු කිරීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බවයි. 

මේ අතර ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංගට 2023 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ, ශාරීරික යෝග්‍යතා පරික්ෂණය අසමත් වීම හේතුවෙන්.

ඊයේ  (26) පෙරවරුවේ ශ්‍රී ලංකා සංචිතය නම් කරන විට දැනුම් දී තිබුණේ, ශාරීරික යෝග්‍යතා පරික්ෂණය මත ඔහු ලෝක කුසලාන තරගාවලියට සහභාගී කර ගන්නා බවයි.

පසුගිය දා පැවති LPL තරගවලින් පසුව වනිඳු තුන්වැනි මට්ටමේ මස් පිඩු පෙරලීමකට ලක් වූ බවට වාර්තා වුණා.
(lknews.lk)

Photos:-