කොදෙව් කාන්තාවන්ට එරෙහිව පළමු T20 තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තාවන්ට

June 24, 2024 - 2:29 PM
කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව අද (24) පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී චමරි අතපත්තු කඩුලු 4ක් සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1 - 0ක් ලෙස පෙරමුණ ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

(lknews)