ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන රටවල් 30 අතරට ලංකාවත්

December 24, 2023 - 5:55 PM
ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ලොව රටවල් 30 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, සහ තායිලන්තය ද එම රටවල් අතරට ඇතුළත් කර ඇති බවයි.

අග්නිදිග ආසියා කලාපයේ සාමාජික රටවල් 11න්, 10කම ඩෙංගු රෝගය සීඝ්‍ර පැතිරීමක් ඇති බව ද, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.

එම සංවිධානය ප්‍රකාශ කළේ, වසරේ ගතවූ කාලය පුරාවට ලොව රටවල් 80 කට අධික සංඛ්‍යාවක සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප පහක ඩෙංගු වැළදුණු පුද්ගලයින් 5,000 කට අධික පිරිසක් මියගොස් ඇති බවයි.

මෙම මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් හත් දහස් නමසිය විසි පහක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ,කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව දාහත්දහස් අටසිය හැට දෙකක්.

ඩෙංගු රෝගයෙන් වසරේ මේ දක්වා පුද්ගලයින් 50 කු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසූවා.
(lknews.lk)