ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන් නිකුත් කරයි

August 21, 2024 - 5:50 PM
ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම මුද්දරය මිලිමීටර 205ක දිගින් යුක්ත වන අතර මහනුවර ඓතිහාසික ශ්‍රී ලංකා දළදා පෙරහැර සංකේතවත් කරමින් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම මුද්දරය ඊයේ (20) තැපැල් දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වා තිබෙනවා.

(lknews)