ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලංකාවට අහිමිවෙයි

October 03, 2023 - 10:07 AM
චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනාගත් රිදී පදක්කම අහිමිකිරීමට ආසියානු ක්‍රීඩා උළෙලේ තාක්‍ෂණික කමිටුව තීරණය කර තිබෙනවා. 
ඒ නීති විරෝධී ධාවනය හේතුවෛන්. 
 
එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් මංතීරු නීති උල්ලංඝණය කරමින් ධාවනය යොදුණු බවට තාක්‍ෂණික කමිටුව සඳහන් කරනවා. 
 
එම පදක්කම හිමිවූයේ නම් 2006 වසරෙන් පසුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩාවෙන් දිනාගත් පළමු පදක්කම බවට පදක්කම බවට ද පත්වනවා. 
 
අරුණ දර්ශන, නදීෂා රාමනායක, කාලිංග කුමාරගේ සහ තරුෂි දිල්සාර මෙම ඉසව්වේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. 
 
ඒ අනුව එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා සිටි ඉන්දියාවට රිදී පදක්කම ද, සිවුවැනි ස්ථානයට පත්වූ කසකස්තානයට ලෝකඩ පදක්කම ද හිමිවුණා. 
 
එහි රන් පදක්කම බහරේනය දිනාගත්තා.
(lknews.lk)