ASIA CUP SUPER 4 | සිංහයන් ආසියානු කුසලාන අවසන් මහා තරගයට

September 15, 2023 - 9:32 AM
ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්වුණා. 

ඒ තියුණු තරගයකින් අනතුරුව කඩුලු 2කින් පාකිස්තානය පරාජය කරමින්. 
 
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 252ක් රැස්කරගත්තා. 
 
කෙසේ වෙතත් වර්ෂාවෙන් තරගයට බාධා සිදුවීම නිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීමට සඳහා වූ ඉලක්කයද පන්දුවාර 42කදී ලකුණු 252ක් දක්වා අඩුකෙරුණා.
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 ක අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 252ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගැනීමට සමත්වුණා. 
 
ඒ අනුව එළඹෙන ඉරිදා ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ඉන්දීය කණ්ඩායම සමග ආසියානු කුසලානය උදෙසා තරග කරනු ඇති.
(lknews.lk)

May be an image of ‎2 people and ‎text that says