T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

May 10, 2024 - 10:34 AM
ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2024 මැයි 14 වනදා ලෝක කුසලානය සඳහා පිටත්ව යාමට නියමිතයි.

මෙම තරගාවලිය 2024 ජුනි 1 වනදා සිට 29 දක්වා ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත් වෙනවා.

ඒ අනුව මෙවර ලෝක කුසලානයට එක්වන ක්‍රීඩකයින්ගේ නම් පහතින්,
     
01. වනිඳු හසරංග - නායක
02. චරිත් අසලංක - උප නායක
03. කුසල් මෙන්ඩිස්
04. පැතුම් නිශ්ශංක
05. කමිඳු මෙන්ඩිස්
06. සධීර සමරවික්‍රම
07. ඇන්ජලෝ මැතිවුස්
08. දසුන් ශානක
09. ධනංජය ද සිල්වා
10. මහේෂ් තීක්ෂණ
11. දුනිත් වෙල්ලාලගේ
12. දුෂ්මන්ත චමීර
13. නුවන් තුෂාර
14.  මතීෂ පතිරණ
15. ඩිල්ෂාන් මධුශංක

(lknews)