වනිඳුට ලෝක කුසලානයට යන පාර වැසෙයි

September 24, 2023 - 4:18 PM
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංහ සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව ආබාධයකට ලක්ව සිටින වනිඳුගේ තරග සහභාගිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසා තිබුණේ, තරගාවලිය සඳහා වනිඳුගේ සහභාගිත්වය ඉතා දුරස්ථ කටයුත්තක් බවයි.

වනිඳු තුන්වැනි මට්ටමේ මස් පිඩු පෙරලීමකට ලක්ව සිටින අතර හදිසියේ හෝ ශල්‍යකර්මයකට ඔහුව භාජනය කළ හොත් මාස තුනක පමණ කාලයක් වනිඳුට විවේක ගැනීමට සිදුවන බව සඳහන්.

මේ අතර වනිඳු හසරංග තරගාවලියෙන් ඉවත් කරන්නේ නම් ආදේශක ක්‍රීඩකයන් ලෙස, චාමික කරුණාරත්න හෝ දුෂාන් හේමන්ත යන ක්‍රීඩකයන් කණ්ඩායමට ආදේශ කරන බව ද වාර්තා වනවා.
(lknews.lk)