SL Vs BAN - 1 st test | පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගනී

March 25, 2024 - 1:27 PM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ  කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 328 කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 280ක් වූ අතර බංගලාදේශ කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 188ක් පමණයි.

ලකුණු 92ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 418ක් රැස් කල අතර තරගයේ ජය ලබා ගැනීමට බංගලාදේශ කණ්ඩායමට ලකුණු 511ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය බංගලාදේශ කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 182ක් පමණයි.

ඒ අනුව පළමු තරගය ලකුණු 328 කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
(lknews.lk)