උගන්ඩාව පරදා ශ්‍රී ලංකා කාන්තාවෝ අවසන් පූර්ව වටයට

May 02, 2024 - 1:09 PM
T20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, ඊයේ (01) උගන්ඩා කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 67කින් ජය ගැනීමත් සමඟයි.

තරගයේ පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ උගන්ඩා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 87ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම වටයේ ලබා ගත් තෙවන ජයග්‍රහණය මෙය වනවා.

(lknews)