ශ්‍රී ලංකාවට තියුණු ජයක්
January 15, 2024 - 10:07 AM
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව කඩුලු 3 ක ජයක් හිමි කර ගත්තා.
ලකුණූ 144ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ..
ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 2 බිද වැටුණේ ලකුණු 38කදීයි.
එම කඩුලු දෙකම බිද හෙළුවේ මහේෂ් තීක්ෂණ විසින්.
ඉන් අනතුරුව පිටියේ එක් වූ නායක සිකන්දර් රාසා සහ ශෝන් විලියම්ස් තුන්වැනි කඩුල්ලට ලකුණු 45ක සම්බන්දතාවයක් ගොඩනැගුවා.
ශෝන් විලියම්ස් ලකුණු 14ක් ලබා ගත් අතර නායක සිකන්දර් රාසා පන්දුවාර විස්සයි විස්ස පිටියේ ඔහුගේ 13 වන අර්ධ ශතකය රැස් කළා.
කෙසේ වෙතත් ඔහුට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණූ 62ක් පමණයි.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණූ 143ක් රැස් කළා.
මහේෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් බිද හෙලුවා.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්.
පැතුම් නිස්සංක ලකුණූ 2කට දැවී ගියා.
කුසල් ජනිත් පෙරේරා ලකුණු 17ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 17කට දැවී ගියා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 6 දැවී ගියේ ලකුණු 83කටයි.
(lknews.lk)