නවසීලන්තයට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක්

April 20, 2024 - 5:05 PM
කැබිනට් මණ්ඩල තීරණයකට අනුව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ පිහිටුවීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අප්‍රේල් (22) සිට (25) දක්වා කාලය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණය සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් ඇතුළු නියෝජිතයන් පිරිසක් නවසීලන්තයේ සංචාරයක නිරත වන බව වාර්තා වනවා.

(lknews.lk)