ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩකයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යට

February 12, 2025 - 4:38 PM
ඩුබායිහිදී එළඹෙන 14වනදා සිට 18වනදා දක්වා බේස්බෝල් යුනයිටඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍ය ලීගය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන සමීර රත්නායක සහ සංදීෂ මීගොඩ, ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ලේකම් ජෙනරාල් වින්ග් කමාන්ඩර් මාර්ක් ෆොන්සේකා සමඟ ඊට සහභාගීවීමට නියමිතයි.

රත්නායක සහ මීගොඩ ක්‍රීඩකයන් ලෙස තරඟ වදින අතර ෆොන්සේකා තරඟාවලි නිලධාරියෙක් ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය සඳහන් කළේ මෙම සහභාගීත්වය රටේ ක්‍රීඩාවේ දියුණුව සඳහා ප්‍රධාන අවස්ථාවක්වන බවයි.

(lknews.lk)