ශ්‍රී ලාංකිකයින්ට වීසා නැතුව තායිලන්තයට යාමට අවසර

July 15, 2024 - 10:39 AM
අද (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා අවසර ලබාදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමි වන ප්‍රථම අවස්ථාව මෙය වන බවයි.

සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකියාව ලැබෙන බවයි තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්ති වල සදහන් වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ තායිලන්තයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරිම සඳහා අදාළ පියවර ගෙන ඇති බවයි.
(lknews)