රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අනතුරකට

December 29, 2023 - 3:50 PM
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය මාරවිල ප්‍රසිද්ධ හෝටලයක් ආසන්නයේ දී අනතුරට ලක්ව තිබෙනවා.

ඔහුගේ ජීප් රථය වෙනත් මෝටර් රථයක ගැටී අදාළ අනතුර සිදුව ඇති අතර, අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට පහර දී අලාභහානි කර ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ ඇමතිවරයාගේ සුඛෝපභෝගී ජීප් රථයේ ගැටීමෙන් අනෙක් මෝටර් රථයට හානි සිදුව ඇති අතර, එහි ගමන් කළ ව්‍යාපාරීකයා තම වාහනයට සිදුවූ  හානිය සහ එහි සිටි ඇමැතිරයා දැක දැඩි ලෙස කෝප වී යකඩයක් රැගෙන විත් පහර දි ඇති බවයි.
(lknews.lk)