රාජ්‍ය වෛද්‍ය නිලධාරීන් අද උද්ඝෝෂණයක

September 05, 2024 - 1:45 PM
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (05) උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

සිය වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව ගනු ලබන විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගවලට එරෙහිව මෙම විරෝධතා මාලාව සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ උද්ඝෝෂණය කොළඹ ජාතික රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සහ පානදුර රෝහල ඉදිරිපිටදී දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

(lknews)