ඉන්දු ශ්‍රී ලංකා ආරක්ෂක සබඳතා පිළිබඳ ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්

April 05, 2025 - 11:44 AM
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දිගු කාලයක සිට පවතින ආරක්ෂක සබඳතා පිළිබඳ මෙරට ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එම ප්‍රකාශය මඟින් තුයියකොන්තා පෙන්වා දෙන්නේ, දෙරට දශක ගණනාවක සිට සුහදශීලී ආරක්ෂක සබඳතාවන් පවත්වා ගනිමින් කටයුතු කරන බවයි.

විශේෂයෙන් ආරක්ෂාව හා සම්බන්ධ කටයුතුවලදී ඒකාබද්ධ යුද සහ නාවික අභ්‍යාස, සම්බන්ධ පුහුණු වැඩසටහන් යනාදිය හේතුවෙන් ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව ඇති බව ප්‍රකාශ කළා.

විශේෂයෙන් ඉන්දියාව විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 750කට පමණ විෂයානුබද්ධ පුහුණුවීම් ලබාදෙන බවද තුයියකොන්තා සිය ප්‍රකාශයේ දක්වා තිබෙනවා.


(lknews.lk)