ආර්ථිකයේ ප්‍රධාන මාවත ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

April 04, 2025 - 12:29 PM
අප රටේ ආර්ථිකයේ ප්‍රධානතම මාවත ලෙස කෘෂිකර්මාන්තය පත්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කෘෂිකර්මාන්තයේ නියැලෙන අය තෘප්තිමත්ව කටයුතු කිරිමේ කාලසීමාව දැන් ආරම්භ වී ඇති බවයි.

58 වන ජාතික අලුත් සහල් මංගල්‍යයට අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

කෘෂිකර්මාන්තය හරහා ජාතික ආර්ථිකයේ උරුමය අත්පත් කර ගත හැකි බව ද ජනාධිපතිවරයා කියා සිටිනවා.

අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා.

කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් ඇතුලු මැතිඇමතිවරුන් පිරිසක් ද මීට එක්වුණා.



(lknews.lk)