පළාත් පාලන මැතිවරණ දිනය ගැන ප්‍රකාශයක්

December 23, 2024 - 2:07 PM
පළාත් පාලන ඡන්ද විමසීම් පනත සංශෝධනය කරන තුරු ඡන්දය පවත්වන දිනය ප්‍රකාශ කිරීමට නීතියෙන් බාධාවක් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසුවේ පනත සංශෝධනය වූ වහාම ඡන්දය පවත්වන දිනයක් දැනුම් දෙන බවයි.

ලබන ජනවාරි මාසය ඇතුළත මෙම පනත සංශෝධනය කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

රට තුළ පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඡන්දය පවත්වන දිනය බොහෝ විට මැයි මාසය දක්වා කල් දැමීමට සිදුවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා.

(lknews)