ඖෂධ පරීක්ෂාගාර කිහිපයක් ඉදිකිරීමට පියවර

January 13, 2025 - 11:47 AM
ඖෂධ පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් ඉදිරියේදී ඉදිකිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ අසාදුගත සමාගමක් ඖෂධ ආනයනයන කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳවද විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

(lknews)