වකුගඩු රෝගීන්ගේ දීමනාව ජනවාරි මාසයේදී වැඩි කිරීමට පියවර

December 31, 2024 - 1:31 PM
වකුගඩු රෝගීන්ට ලබාදෙන දීමනාව එළඹෙන ජනවාරි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව රජය තීරණය කර ඇත්තේ දැනට පවතින රුපියල් 7,500ක දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩි කිරීමටයි.

එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව දැනට වකුගඩු රෝගීන් 47,244ක් මෙරට සිටින අතර එම සංඛ්‍යාව මීට වඩා වැඩි  හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

අමාත්‍යාංශය විසින් වැඩි දුරටත් කියා සිටියේ මේ හේතුවෙන් මෙම දීමනා කිසිඳු ලෙසක කප්පාදු නොකරන බවයි.

(lknews)