අස්වැසුම ප්‍රතිලාභීන් ඉහළ දැමීමට පියවර

January 10, 2024 - 1:39 PM

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව සඳහන්.

එමෙන්ම අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධව ලැබී තීබු අභියාචනා සහ විරෝධතා අතරින් 51⁣%ක් සලකා බැලීම මේ විට අවසන්ව ඇති අතර ජනවාරි 31 වන විට සියල්ල අවසන් කළ හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)