ත්‍රිපෝෂ සමාගම නව්‍යකරණයට ලක් කිරීමට පියවර
January 05, 2025 - 3:40 PM
කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට රජය විසින් තීරණය කර තිබෙනවා.
ඒ ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපෝෂ සමාගමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව අදාළ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීයි.
අමාත්‍යවරයා සඳහන් කළේ රජය විසින් මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපයන සක්‍රීය ආයතනයක් බවට ත්‍රිපෝෂ සමාගම පත් කිරීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමේදී සමාගමට අවශ්‍ය බඩඉරිඟු සහ සෝයා මෙරට ගොවීන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් අඛණ්ඩව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(lknews)